2024-11-27 19:51:54
කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ 13 වන සංවත්සරය එම අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 2024 නොවැම්බර් මස 25 දින පවත්වනු ලැබීය.
2024-11-27 12:44:53
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම මත පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි පැවති දැඩි ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා 23 පාබල සේනාංකයේ භටපිරිස් යොදවා ඇත. අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල හානියක් සිදු වී ඇති අතර මුදවාගැනීමේ මෙහෙයුම් සහ අවතැන් වූවන්ට ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා භටපිරිස් නිරතව සිටිති..
2024-11-27 12:40:25
උසස්වීම් ලද 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 26 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2024-11-27 12:28:52
යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් (වෛද්‍ය) කේ.ජී.කේ.එච්. විජේවර්ධන ආර්එස්පී යූඑස්පී 2024 නොවැම්බර් මස 22 දින කිලිනොච්චියේ පිහිටි යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරත විය. එම රෝහලේ මෙහෙයුම් කටයුතු සහ සමස්ත කාර්යසාධනය සමාලෝචනය කිරීමේ අරමුණින් මෙම නිරීක්ෂණ චාරිකාව සිදුකෙරිණි.
2024-11-26 19:45:51
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනා ගමන කටයුතු සඳහා බාධ එල්ල වී සිටින උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත, යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලදී. මෙහිදී පීඩාවට පත් ප්‍රදේශවල සිසුන්ට තම විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් තිහගොඩ, මාලිම්බඩ, අතුරලිය, අකුරැස්ස සහ කඹුරුපිටිය ගොඩව පන්සල වැනි ස්ථානවල ස්ථාපිත විභාග මධ්‍යස්ථාන වෙත යාමට නොහැකිව සිටි සිසුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ට්‍රක් රථ සහ යුනි-බෆල් රථ මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන ලදී.
2024-11-26 19:45:34
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 20 දින පනාගොඩ, යුද්ධ හමුදා මුලික රෝහල සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-11-26 19:45:05
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 නොවැම්බර් මස 18 දින සිට නොවැම්බර් මස 30 දින දක්වා ජනක යන්ත්‍ර ක්‍රියාකරු වැඩමුළුවක් පවත්වන ලදී.
2024-11-26 19:44:43
12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 22 දින හම්බන්තොට, ගල්වැව විද්‍යාලයේ දී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-11-26 19:44:24
යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් කේ.ජී.කේ.එච් විජේවර්ධන ආර්එස්පී යූඑස්පී 2024 නොවැම්බර් මස 23 දින පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරත විය.
2024-11-26 19:43:09
සීමාසහිත පෙට්‍රෝලියම් ගබඩා පර්යන්තයේ ගිනි නිවීමේ කණ්ඩායම් හා ආරක්ෂක අංශය විසින් 2024 නොවැම්බර් මස 21 දින මාගල්ල, පෙට්‍රෝලියම් ගබඩා පර්යන්තයේ හදිසි ගිනි නිවීමේ පෙරහුරුවක් සංවිධානය කරන ලදී. මෙම අභ්‍යාසය පෙරවරු 1030 සිට පස්වරු 1230 දක්වා පැවැත්විණි. තෙල් ගබඩා පර්යන්තයේ ගින්නක් හෝ වෙනත් හදිසි අවස්ථාවකදී සූදානම සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය පැවැත්වීය.