Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2024 19:45:34 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර තම බලප්‍රදේශයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 20 දින පනාගොඩ, යුද්ධ හමුදා මුලික රෝහල සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් සමූහ ඡායාරූපවලට පෙනී සිටි අතර ඉන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් වත්මන් මෙහෙයුම් කටයුතු, දැනට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව එතුමන්ව දැනුවත් කළහ.

නිල සංචාරය අතරතුර, එතුමන් 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් අමතමින්, යුද්ධ හමුදාවේ ගෞරවය, ස්වයං විනය සහ අවංකභාවය, සමාජයේ ඇති වන වෙනස්කම් වලට අනුගත වීම සහ කැපවීමෙන් රාජකාරි ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

සංචාරයන් සමාප්තියේ, ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්හි සමරු සටහන් ද තැබීය.

මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.