26th November 2024 19:44:24 Hours
යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ජී.කේ.එච් විජේවර්ධන ආර්එස්පී යූඑස්පී 2024 නොවැම්බර් මස 23 දින පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරත විය.
නිල සංචාරයේදී එතුමන් විසින් එම රෝහලේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සහ භටපිරිස්හි කටයුතු කළමනාකරණය ඉහල නැංවීම සඳහා අවශ්‍ය උපාය මාර්ග පිළිබඳව පැහැදිලි කළ අතර, සියලුම රෝගීන් වෙත සුවිශේෂී සෞඛ්‍ය සේවාවක් සැපයීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරනය කරන ලදී.
යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂතුමන් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය අමතමින්, යුද්ධ හමුදාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීම මෙන්ම විනය සහ වෘත්තීය වර්ධනයේ වැදගත්කම පිළිබඳව අවධාරනය කරමින් ඔවුන්ගේ කැපවීම අගය කළේය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.