27th November 2024 12:40:25 Hours
උසස්වීම් ලද 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 26 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. උත්සවය අතරතුරදී, භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් වසර 33 ක එතුමන්ගේ හමුදා දිවිය පිළිබඳ ආවර්ජනය කරමින් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් අතර සහයෝගීතාවය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.