Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2024 19:45:51 Hours

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනා ගමන කටයුතු සඳහා බාධ එල්ල වී සිටින උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමට යුද්ධ හමුදාවේ සහාය

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනා ගමන කටයුතු සඳහා බාධ එල්ල වී සිටින උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත, යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලදී. මෙහිදී පීඩාවට පත් ප්‍රදේශවල සිසුන්ට තම විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් තිහගොඩ, මාලිම්බඩ, අතුරලිය, අකුරැස්ස සහ කඹුරුපිටිය ගොඩව පන්සල වැනි ස්ථානවල ස්ථාපිත විභාග මධ්‍යස්ථාන වෙත යාමට නොහැකිව සිටි සිසුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ට්‍රක් රථ සහ යුනි-බෆල් රථ මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන ලදී.

තවද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර, යටියන සහ වාරියපොළ යන ප්‍රදේශවල ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට පිළියම් යෙදීම සඳහා යුද්ධ හමුදා භටපිරිස්, ට්‍රක් රථ සහ යුනි බෆල් රථ සූදානම් කර තැබීමට යුද්ධ හමුදාව කටයුතු කරන ලදී.

1 බලකායේ බලකාධිපතිතුමන් සහ සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අයහපත් කාළගුණය හේතුවෙන් අනෙකුත් ප්‍රදේශවලට ද අවශ්‍ය වූ විට සහන සේවා මෙහෙයුම් කටයුතු සිදුකිරීමට සූදානම් වන ලෙස උපදෙස් ලබාදෙන ලදී.