Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2024 12:44:53 Hours

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට 23 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් සහන සැලසේ

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම මත පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි පැවති දැඩි ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා 23 පාබල සේනාංකයේ භටපිරිස් යොදවා ඇත. අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල හානියක් සිදු වී ඇති අතර මුදවාගැනීමේ මෙහෙයුම් සහ අවතැන් වූවන්ට ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා භටපිරිස් නිරතව සිටිති..