Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2024 19:43:09 Hours

ගාල්ල, පෙට්‍රෝලියම් ගබඩා පර්යන්තයේ හදිසි ගිනි නිවීමේ පෙරහුරුවක් සංවිධානය කරයි

සීමාසහිත පෙට්‍රෝලියම් ගබඩා පර්යන්තයේ ගිනි නිවීමේ කණ්ඩායම් හා ආරක්‍ෂක අංශය විසින් 2024 නොවැම්බර් මස 21 දින මාගල්ල, පෙට්‍රෝලියම් ගබඩා පර්යන්තයේ හදිසි ගිනි නිවීමේ පෙරහුරුවක් සංවිධානය කරන ලදී. මෙම අභ්‍යාසය පෙරවරු 1030 සිට පස්වරු 1230 දක්වා පැවැත්විණි. තෙල් ගබඩා පර්යන්තයේ ගින්නක් හෝ වෙනත් හදිසි අවස්ථාවකදී සූදානම සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය පැවැත්වීය.

මෙම පෙරහුරු අභ්‍යාසය සඳහා 2(ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූහ.

ඵලදායි හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සහයෝගය අවධාරණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම පෙරහුරු අභ්‍යාසය සඳහා සහභාගී වූහ.

මෙම අභ්‍යාසය සඳහා සහභාගී වූ සියලුම දෙනා අතර මනා සම්බන්ධීකරණය, සන්නිවේදනය සහ උපායශීලී ප්‍රතිචාර දැක්වීම සඳහා විවිධ ගිනි ගැනිම් හා සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රායෝගිකව සිදුකරන ලදී.

ජීවිත සහ දේපළවලට සිදුවන අවදානම් අවම කර ගනිමින් වේගවත්ව හා කාර්යක්‍ෂමව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානය මෙම පෙරහුරුව මඟින් සිදුකරනු ලැබීය.