Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • රණවිරු සෙවණේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

    2023-03-10 18:48:45

    රණවිරු සෙවණේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

    රාගම ප්‍රදේශයේ පිහිටි රණවිරු සෙවණේ නව සේනාවිධායක ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් භාතිය මදනායක පසුගිය අඟහරුවාදා (මාර්තු මස 07) දින සිය කාර්යාලයේදී පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. රණවිරු සෙවන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් භාතිය මදනායක වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

  • අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

    2023-03-10 18:41:36

    අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

    අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් උදය කුමාර පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ කර්නල් උදය කුමාර සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් මාලන් ද සොයිසා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රධාන ගණකාධිකාරි ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව කර්නල් උදය කුමාර මෙම ධූරය සඳහා පත්කෙරිණි.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි සංචාරයක

    2023-03-09 19:39:54

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි සංචාරයක

    යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය කිලිනොච්චිය, මල්ලාවී, කරෙයිනගර්, වරිතවිලාන්, පේදුරු තුඩුව සහ තුනුක්කායි ප්‍රදේශයන්හී ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 9 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 16 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.

  • 57 වන පාබල සේනාංකයේ 16 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    2023-03-07 19:30:45

    57 වන පාබල සේනාංකයේ 16 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 57 වන පාබල සේනාංකයේ 16 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ගේ මඟපෙන්වීම යටතේ පෙබරවාරි මස 24 දින සිට 26 දින දක්වා කාලය තුළ ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයන් පැවැත්විණි.

  • ගැමුණු හේවා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

    2023-03-06 21:40:27

    ගැමුණු හේවා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

    ගැමුණු හේවා බලකායේ 23 වන බලකාධිපති ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ පසුගිය සෙනසුරාදා (04) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

  • විශ්‍රාම දිවියට එළඹෙන විනයාරක්‍ෂාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

    2023-03-06 21:20:27

    විශ්‍රාම දිවියට එළඹෙන විනයාරක්‍ෂාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

    යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින පැවැත්විණි.

  • 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

    2023-03-06 21:10:27

    68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

    68 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි, සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව පෙබරවාරි මස 28 දින සහ මාර්තු මස 01 දින එම සේනාංකය යටතේ ස්ථාපිත 681 සහ 682 වන පාබල බලසේනාවන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

  • 68 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරි කටයුතු අරඹයි

    2023-03-06 20:50:27

    68 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරි කටයුතු අරඹයි

    ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි පෙබරවාරි මස 27 දින පුතුකුඩිඉරිප්පු හි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

  • 573 වන පාබල බලසේනාවේ 3 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    2023-03-06 20:30:27

    573 වන පාබල බලසේනාවේ 3 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයට අයත් 573 වන පාබල බලසේනාවේ අභිමානවත් 3 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න ගේ මඟපෙන්වීම යටතේ බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (02) දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබිණි.

  • ශ්‍රී ලංකා සංඥා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

    2023-03-06 09:00:47

    ශ්‍රී ලංකා සංඥා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

    ශ්‍රී ලංකා සංඥා බලකායේ 16 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් සුගත් රත්නායක පසුගිය සෙනසුරාදා (04) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.