Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2023 21:10:27 Hours

68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

68 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි, සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව පෙබරවාරි මස 28 දින සහ මාර්තු මස 01 දින එම සේනාංකය යටතේ ස්ථාපිත 681 සහ 682 වන පාබල බලසේනාවන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි, 681 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ගුණතුංග සහ 682 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ රොහාන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම බලසේනාවන්හි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් ද එතුමන් වෙත පිරිනමනු ලැබූහ.

අනතුරුව, මෙම ක්ෂේත්‍ර සංචාරයන් සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කිරීමක් ද සිදුකරන ලදී. පසුව කඳවුරු පරිශ්‍රයන්හි නිරීක්‍ෂණ චාරිකාවන් සඳහා එක්වූ මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි භටපිරිස් ඇමතීමක්ද සිදුකරනු ලැබීය. එම සංචාරයන් සමාප්තියේදී මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි විසින් එම බලසේනාවන්හි විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.