Header

Sri Lanka Army

Defender of the Nation

07th March 2023 19:30:45 Hours

57 වන පාබල සේනාංකයේ 16 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 57 වන පාබල සේනාංකයේ 16 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ගේ මඟපෙන්වීම යටතේ පෙබරවාරි මස 24 දින සිට 26 දින දක්වා කාලය තුළ ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයන් පැවැත්විණි. සංවත්සර දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (24) දින ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් අනතුරුව, සෙනසුරාදා (25) දින එම කඳවුරු පරිශ්‍රයේදීි භික්‍ෂූන් වහන්සේලා 16 නමක් උදෙසා දානය පිළිගන්වනු ලැබීය.

57 වන පාබල සේනාංකයේ සංවත්සර දිනය යෙදුනු පසුගිය ඉරිදා (26) දින එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රය වෙත පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් වෙත සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේවයේ නියුතු සියලු නිලයන් වෙනුවෙන් දිවාභෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම උත්සවය සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ‍.