06th March 2023 20:30:27 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයට අයත් 573 වන පාබල බලසේනාවේ අභිමානවත් 3 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න ගේ මඟපෙන්වීම යටතේ බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (02) දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබිණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 573 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබූහ. අනතුරුව එතුමන් භටපිරිස් ඇමතූ අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගී විය. 573 වන පාබල බලසේනාවේ රාජකාරියෙහි නියුතුව සිටියදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් සහ දැනට සේවයේ නියුතු, රණක්‍ෂිතයට පත් සහ විශ්‍රාමික භටපිරිස් වෙත ආශිර්වාද එක් කිරීමේ අරමුණින් කඳවුරු පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ වැඩමවීමෙන් බෝධි පූජාමය පිංකමක් ද එදින සන්ධ්‍යාවේ, පවත්වන ලදී.