Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2023 18:41:36 Hours

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් උදය කුමාර පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ කර්නල් උදය කුමාර සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් මාලන් ද සොයිසා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රධාන ගණකාධිකාරි ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව කර්නල් උදය කුමාර මෙම ධූරය සඳහා පත්කෙරිණි.