09th March 2023 19:39:54 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය කිලිනොච්චිය, මල්ලාවී, කරෙයිනගර්, වරිතවිලාන්, පේදුරු තුඩුව සහ තුනුක්කායි ප්‍රදේශයන්හී ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 9 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 16 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් මාර්තු මස 5 සහ 6 දෙදින තුළ සිදුකරනු ලැබූ මෙම නිල සංචාරයේදී එම ඒකකයන්හී භටපිරිස්හි පරිපාලන හා භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලීය.
සංචාරයේ නිරත මේජර් ජෙනරල් චන්න වීරසූරිය එම ඒකකයන්හී අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයන්හී (drive pass) ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ. ඒකකයන් තුළදී පැවති සාකච්ඡාවන් අතරතුර, එතුමන් විසින් භටපිරිස්හී අවශ්‍යතාවයන් පිළිබඳව තවදුරටත් සොයාබලන ලෙසත් ප්‍රමිතීන් සහ විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳවත් එම අණදෙන නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.
එම කඳවුරු තුලින් නික්ම යෑමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබුවේය.