2023-09-21 21:59:27
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී සැප්තැම්බර් මස පළමු දෙසතිය තුලදී සිය බලප්‍රදේශයේ පිහිටි 141, 142, 143, සහ 144 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2023-09-21 21:55:46
මුහමාලේ මරියමාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙර එම දේවස්ථානය පිරිසිදු කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් සංවිධානය කරනු ලැබු ශ්‍රමදාන වැඩසටහනක් සඳහා 23 ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින සිය සහයෝගය දැක්වූහ.
2023-09-20 21:27:30
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මස 12 දින ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක් පැවැත්විය.
2023-09-20 21:22:33
‘පරම වීර විභූෂණ’ පදක්කමෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරුවෙකු වන කපිතන් එස්.ඩබ්ලිව්.එම් සාලිය උපුල් අලදෙණිය පීඩබ්ලිව්වී අනුස්මරණය කිරීම සඳහා මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ එම රණවිරුවා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට මුල්ගල තැබීය.
2023-09-20 21:19:58
කොළඹ, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 18) දින නැගෙනහිර පළාතේ හදිසි අවස්ථා ව්‍යාප්ති සුදානම පිලිබද සාකච්ඡා කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සුහද සංචාරයක නිරත වූහ.
2023-09-20 21:15:31
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින පොදු ජනතාව අතර ප්‍රසිද්ධ, ඇල්ල - බණ්ඩාරවෙල මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබාදුන්හ. ‘ශ්‍රද්ධා’ රූපවාහිනි නාලිකාවේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ සහයෝගය ද හිමිවිය.
2023-09-20 21:12:13
23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 7 ගැමුණු හේවා බලකායේ බලඇණි දිනය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ කදිරවේලි ප්‍රදේශයේ පිහිටි තිලකාවතියර් බාලිකා නිවාසයේ නේවාසික දැරියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
2023-09-19 20:59:39
ප්‍රතිසංස්කරණය කරන ලද දීඝවාපිය චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේ සහ ‘චූඩාමාණික්‍ය’ රැගත් ජංගම රිය පෙරහැර අඟහරුවාදා (19) දින පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණියේය.
2023-09-19 17:44:56
රණක්ෂිතයට පත්ව දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා සුවතා නිකේතනයන්හි සුවය ලබමින් සිටින රණවිරුවන් 11 දෙනෙකුගේ නිර්මාණාත්මක කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින තුළ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැඳුර’ සුවතා නිකේතනයේදී ‘පෝසිලේන් පින්තාරු කිරීම’ සබැඳිව අධ්‍යයන සැසියක් පැවැත්විණි.
2023-09-19 17:39:09
පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පි පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.