Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2023 21:59:27 Hours

14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී සැප්තැම්බර් මස පළමු දෙසතිය තුලදී සිය බලප්‍රදේශයේ පිහිටි 141, 142, 143, සහ 144 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

සංචාරයේ නිරත කඳවුරු පරිශ්‍රයන්හිදී එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයන්හි ගෞරවාචාරය පිරිනැමූහ. එහිදී භටපිරිස් අමතමින් එතුමන් භටපිරිස්වල කාර්යක්‍ෂමතාවය සහ වෘත්තීය උන්නතිය ඉහළ නැංවීම වෙනුවෙන් උපදෙස් ලබාදුන්හ. මෙම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.