20th September 2023 21:15:31 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින පොදු ජනතාව අතර ප්‍රසිද්ධ, ඇල්ල - බණ්ඩාරවෙල මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබාදුන්හ. ‘ශ්‍රද්ධා’ රූපවාහිනි නාලිකාවේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ සහයෝගය ද හිමිවිය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිවපී ආර්එස්පී වීඑස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස් 50 දෙනෙකු සහභාගී වූහ.