19th September 2023 20:59:39 Hours
ප්‍රතිසංස්කරණය කරන ලද දීඝවාපිය චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේ සහ ‘චූඩාමාණික්‍ය’ රැගත් ජංගම රිය පෙරහැර අඟහරුවාදා (19) දින පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණියේය.
යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ බිම් මහලේ තැන්පත්කර තිබු සර්වඥ ධාතූන් වහන්සේ සහ ‘චූඩාමාණික්‍ය’ වැදපුදා ගැනීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් පැමිණියහ. ඉන් අනතුරුව කළුතර දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන වෙත සර්වඥ ධාතූන් වහන්සේ සහ ‘චූඩාමාණික්‍ය’ රැගත් ජංගම රිය පෙරහැර යුද්ධ හමුදා මූලස්ථානයෙන් පිටත් විය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් විසින් 2020 වර්ෂයේදී පෞරාණික දීඝවාපිය චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම භාරගැනීමෙන් අනතුරුව යුද්ධ, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබීය.