Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2023 17:39:09 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා ගෞරවාචාර

පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පි පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

23 පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පි පීඑස්සී වෙත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළේය.

හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පි පීඑස්සී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පි පීඑස්සී උත්සවය සමාප්තියේ පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා 23 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.