Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2023 21:19:58 Hours

මෙරට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සුහද සංචාරයක

කොළඹ, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 18) දින නැගෙනහිර පළාතේ හදිසි අවස්ථා ව්‍යාප්ති සුදානම පිලිබද සාකච්ඡා කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සුහද සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක වැඩසටහන් නිලධාරී හර්ෂ සේනානායක මහතා සහ කැනේඩියානු හමුදා පොලිස් ආරක්‍ෂක සේවයේ රොන් බෙබුස්චේර් (Ron Bebusschere ) මහතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

සංචාරයේ අරමුණ වූයේ රජයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ ශක්තිමත් ජාලයක් ස්ථාපිත කිරීම සහ සහයෝගීතාවය වැඩි දියුනු කිරීමයි.

ප්‍රදේශයේ හදිසි අවස්ථා සඳහා සුදානම, ආපදා ප්‍රතිචාර සහ ආරක්‍ෂාව සම්බන්ධ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

සුහඳ හමුවේදී මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් ප්‍රදේශයේ සංහිඳියාව, සංවර්ධනය සහ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරන ලදී.

නියෝජිත පිරිස නැඟෙනහිර පළාතේ හදිසි අවස්ථා ව්‍යාප්ති සුදානම තවදුරටත් සිදුකරගෙන යාම සඳහා ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලා පිටත්ව ගියහ.

සුහඳ හමුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරී ඒ.එච්.ඒ.ඩී ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගී විය.