2024-02-05 19:26:38
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා හමුවිය.
2024-02-05 19:21:57
කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 02) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක නිරත විය.
2024-02-05 19:16:49
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජනවාරි මස 29 සහ 30 යන දිනයන්හිදී 55 පාබල සේනාංකය වෙත සිය පළමු නිල සංචාරය සිදුකරනු ලැබීය.
2024-02-05 17:38:23
61 පාබල සේනාංක පරිශ්‍රයේ ඉදිකරන ලද නව නිවාඩු නිකේතනය සහ සෙසුනිල භට නිවාසය පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 02) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. මෙමගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන පහසුකම් තවත් ඉහල නැංවීම අපේක්ෂා කරයි.
2024-02-05 14:27:54
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වන බළලත් නිලධාරි I ඒ.කේ රාමනාදන් (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු චාරිත්‍රානුකූලව යාපනය, අවරන්ගල් පොදු සුසාන භූමියේදී පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින සිදුකරන ලදී.
2024-02-05 14:25:44
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 51 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත පාබල බලසේනා හා ඒකකයන් වෙත ජනවාරි මස 31 දින සහ පෙබරවාරි මස 01 දින සිය ප්‍රථම නිල සංචාරයන් සිදුකරන ලදී.
2024-02-04 11:22:10
පෙබරවාරි මස 04 දිනට යෙදෙන 76 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 211 දෙනෙකු සහ සෙසුනිලයන් 1239 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය.
2024-02-04 11:20:17
23 පාබල සේනාංකයේ භටපිරිස්, ඔට්ටමාවඩි ප්‍රදේශවාසීන් සමඟ එක්ව 76 වන ජාතික නිදහස් දිනය එම නගර පරිශ්‍රයේදී ඉරිදා (පෙබරවාරි මස 04) දින සමරනු ලැබීය.
2024-02-02 16:04:15
8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් රත්නපුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 127 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බටතොට, ආනන්ද චේතිය විහාර පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පවත්වනු ලැබීය.
2024-02-02 16:00:11
552 පාබල බලසේනාවේ භටපිරිස් විසින් කොළඹ, ‘Standard Chartered’ බැංකුවේ සහාය ඇතිව, පුනරීන් හි නල්ලූර් මිශ්‍ර පාසලේ සහ සෙල්ලියතිව් මිශ්‍ර පාසලේ අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 200 දෙනෙකු සඳහා පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.