04th February 2024 11:22:10 Hours
පෙබරවාරි මස 04 දිනට යෙදෙන 76 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 211 දෙනෙකු සහ සෙසුනිලයන් 1239 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 02 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 29 දෙනෙකු මේජර් නිලයට (උපකරණ පාලක නිලධාරීන් ඇතුළුව), ලුතිතන් නිලයේ නිලධාරීන් 13 දෙනෙකු කපිතන් නිලයට (උපකරණ පාලක නිලධාරීන් ඇතුළුව) දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු ලුතිතන් නිලයටත් උසස්වීම් ලැබූහ.
නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 49 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 135 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 170 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 364 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 330 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලැබූහ.
යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වන බ්‍රිගේඩියර් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී සහ බ්‍රිගේඩියර් යූ.එල්.ජේ.එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ.