Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2024 17:38:23 Hours

61 පාබල සේනාංක පරිශ්‍රයේ ඉදිකරන ලද නව නිවාඩු නිකේතනය සහ සෙසුනිල භට නිවාසය විවෘත කරයි

61 පාබල සේනාංක පරිශ්‍රයේ ඉදිකරන ලද නව නිවාඩු නිකේතනය සහ සෙසුනිල භට නිවාසය පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 02) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. මෙමගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන පහසුකම් තවත් ඉහල නැංවීම අපේක්‍ෂා කරයි.

උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්යය මණ්ඩලය ද සහභාගි වූහ.