Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2024 14:25:44 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 51 පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 51 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත පාබල බලසේනා හා ඒකකයන් වෙත ජනවාරි මස 31 දින සහ පෙබරවාරි මස 01 දින සිය ප්‍රථම නිල සංචාරයන් සිදුකරන ලදී.

51 පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත 14 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සියලු භටපිරිස් අමතනු ලැබීය.

භටපිරිස් අමතමින් එතුමන් තම ඉදිරි දැක්ම පැහැදිලි කල අතර, අනතුරුව මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර, සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. පසුව, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් තම සේනාංකයේ වගකීම්, බලප්‍රදේශයේ භටපිරිස් යෙදවීම හා වැදගත් කරුණු පිළිබදව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය දැනුවත් කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය අනතුරුව, 511, 513 යන පාබල බලසේනාවන්හි සහ ඒ යටතේ ස්ථාපිත‍ එකකයන්හිද කන්කසන්තුරේ පතොරම් ගබඩා පරිශ්‍රයේ ද නිල සංචාරයක නිරත විය.

සංචාරයන් සඳහා බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.