05th February 2024 19:16:49 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජනවාරි මස 29 සහ 30 යන දිනයන්හිදී 55 පාබල සේනාංකය වෙත සිය පළමු නිල සංචාරය සිදුකරනු ලැබීය.
55 පාබල සේනාංකය වෙත සපැමිණි එතුමන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී විසින් හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගත්හ.
55 පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී එතුමන් පැළයක් රෝපනය කිරීම, භටපිරිස් ඇමතීම, සමූහ ඡායාරූපයක් සඳහා පෙනීසිටීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීම ඇතුළු වැඩසටහන් කහිපයකට සහභාගී විය.
නිල සංචාරයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, එම බලසේනාව යටතේ ස්ථාපිත බලසේනා, ඒකක, බලඇණි පුහුණු පාසල - මුලන්කාවිල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කිලිනොච්චිය පිහිටි රණවිරු ස්මාරකය, ශාන්ත තෙරේසා දේවස්ථානය, ලුම්බිණි විහාරය සහ ගාමිණී කුලරත්න අනුස්මරණ ස්මාරකය - අලිමංකඩ යන ස්ථානයන් වෙතද සංචාරය කරන ලදී.
සංචාරයන් සඳහා 55 පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.