Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2024 16:00:11 Hours

552 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් පුනරීන් ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාගයක්

552 පාබල බලසේනාවේ භටපිරිස් විසින් කොළඹ, ‘Standard Chartered’ බැංකුවේ සහාය ඇතිව, පුනරීන් හි නල්ලූර් මිශ්‍ර පාසලේ සහ සෙල්ලියතිව් මිශ්‍ර පාසලේ අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 200 දෙනෙකු සඳහා පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

නල්ලූර් මිශ්‍ර පාසලේ පැවති මෙම උත්සවයේදී සෑම සිසුවෙකු වෙතම අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය, පාසල් බෑගයක් සහ පාසල් පාවහන් යුගලයක් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාසල් උපකරණ පිරිනමන ලදී. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ප්‍රජාවගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහහන පවත්වනු ලැබීය.

552 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ කොළඹ, ‘Standard Chartered’ බැංකුවේ නිලධාරීන් ද සහභාගී වූහ.