Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2024 19:21:57 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 02) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණි එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

පැවති සුහද හමුවේදී, දෙරටෙහි පවතින සබඳතා ශක්තිමත් කිරීම, හමුදා - රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වැඩි දියුණු කිරීම තුලින් ජාතීන් අතර බැදීම වර්ධනය කිරීම, සිවිල් - හමුදා සහයෝගීතාව, සමාජ සුබසාධන ව්‍යාපෘති, සංවර්ධන ආධාර සහ ජාතීන් අතර සහජීවනය යන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනු ලැබීය.

ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් මෙම අවස්ථාව සනිටුහන් කරමින් අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක්ද තැබීය. මෙම සංචාරයේදී එතුමන් ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරමින් රණවිරුවන් වෙත ගෞරවාචාර දක්වනු ලැබීය.

සුහද හමුව අවසානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.