05th February 2024 14:27:54 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වන බළලත් නිලධාරි I ඒ.කේ රාමනාදන් (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු චාරිත්‍රානුකූලව යාපනය, අවරන්ගල් පොදු සුසාන භූමියේදී පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින සිදුකරන ලදී.
බළලත් නිලධාරි I ඒ.කේ රාමනාදන් (විශ්‍රාමික) 1938 අගෝස්තු මස 29 වන දින උපත ලැබූ අතර, ඔහු යාපනය, පුත්තූර් ශ්‍රී සෝමස්කන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. 1958 නොවැම්බර් මස 14 දින යුද්ධ හමුදාවට එක්වුණු මොහු ශ්‍රී ලාංකීය පුරවැසියකු ලෙස ජාතියට කළ සේවය, කැපවීම සහ පක්‍ෂපාතිත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු බලකායේ හි නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ පැසසුමට ලක් විය.
විශ්‍රාම යාමට පෙර ඔහු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිව්වන රෙජිමේන්තු සැරයන් මේජර්වරයා ලෙස ධූරයේ රාජකාරි කර ඇත. මොහු වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශයේ දමිළ කමිටු සාමාජිකයින් පිරිසක් ද පැමිණ සිටියහ.