2024-03-09 21:11:08
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, Browns Hotels & Resorts හෝටල් සමූහය යටතේ කළමණාකරනය වන Club Hotel Dolphin හෝටලයේ කාන්තා කාර්යය මණ්ඩලය, යුද්ධ හමුදා නිලධාරිනියන් සහ සෙබලියන් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
2024-03-07 15:37:26
4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක...
2024-03-06 19:11:29
6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් දාගොන්න රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ සහ මිනුවන්ගොඩ, දාගොන්න ප්‍රදේශයේ වෙසෙන ගම්වාසීන් වෙත ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-03-06 19:04:40
කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපලේ සේනාවිධායක කර්නල් ආර්.සී. ජයතුංග ගේ මඟපෙන්වීම මත එම වැඩපළේ 31 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 මාර්තු මස 01 දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-03-06 18:58:26
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 01 දින 6 ගැමුණු හේවා බලකාය සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.
2024-03-06 18:50:24
ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 මාර්තු මස 04 දින 4 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-03-06 18:41:30
73 වන ගුවන් හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් 2024 මාර්තු මස 06 දින සිට 10 දින දක්වා යාපනය මුත්‍රවේලි ක්‍රීඩාංගණයේදී ‘Air Force Tattoo’ සංදර්ශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් සියලු කටයුතු සංවිධානය කරනු ලබයි. මෙම උත්සවයේදී, හමුදාමය ගුවන් සේවා, ඉංජිනේරු, ආපදා කළමනාකරණය, ගුවන් වික්‍රමාන්විතයන් සහ මහජන විනෝදාස්වාදය සඳහා පුළුල් ප්‍රදර්ශන මාලාවක් පැවැත්විමට නියමිතව ඇත.
2024-03-06 18:40:52
‘24th Dragon Warrior Open Karate Championship’ තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මාර්තු මස 02 දින දිවයින පුරා කරාටේ සංගමයන්හි සහභාගීත්වයෙන් පැවැත්විණි.
2024-03-06 18:34:45
යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 56 වන අන්තර් රෙජිමේන්තු කඹ ඇදීමේ තරඟාවලිය 2024 පෙබරවාරි මස 28 සහ 29 දෙදින තුළ රසල් හයින් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම තරඟාවලිය සඳහා විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් බර කාණ්ඩ තුනක් යටතේ කඹ ඇදීමේ කණ්ඩායම් 24 ක් සහභාගී වූහ.
2024-03-06 15:08:35
පාබල අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී 2024 මාර්තු මස 04 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.