Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2024 18:58:26 Hours

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 01 දින 6 ගැමුණු හේවා බලකාය සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.

ඒකක මූලස්ථානයන් වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් එම ඒකකයන්හි නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් සොල්දාදුවන්ගේ විනය සහ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කළේය.

මෙම සංචාරය සඳහා 593 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.වී.ඒ. සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.