06th March 2024 19:04:40 Hours
කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපලේ සේනාවිධායක කර්නල් ආර්.සී. ජයතුංග ගේ මඟපෙන්වීම මත එම වැඩපළේ 31 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 මාර්තු මස 01 දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
සංවත්සර දිනයට ප්‍රථම එම වැඩපළේ භටපිරිස් බෝධි පූජා පිංකමක් පැවැත්වීය. සංවත්සර දිනයේදී, එම වැඩපළ පරිශ්‍රය වෙත සපැමිණි සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කිරීමෙන් පසුව පැවති සුහඳ හමුවේදි සියලු නිලයන් සුහඳ පිළිසඳරක නිරතවිය.