Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2024 19:11:29 Hours

6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් දාගොන්න රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ සහ මිනුවන්ගොඩ, දාගොන්න ප්‍රදේශයේ වෙසෙන ගම්වාසීන් වෙත ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

එහිදී, දාගොන්න රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ දෘශ්‍යාබාධිත ගම්වාසීන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි යුගල 60 ක් පරිත්‍යාග කරනු ලැබිණි. 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජි.ආර්.ආර්.කේ.එස්. ජයරත්න ආර්එස්පී පීඑස්සී අයිජී ගේ සම්බන්ධීකරණය මත මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා දානපතියන් පිරිසක් සිය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්. ද දර්මවික්‍රම ආර්එස‍්පී සහභාගී විය.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.