06th March 2024 15:08:35 Hours
පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී 2024 මාර්තු මස 04 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබිණි.
මෙම අවස්ථාව සඳහා පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.