09th March 2024 21:11:08 Hours
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, Browns Hotels & Resorts හෝටල් සමූහය යටතේ කළමණාකරනය වන Club Hotel Dolphin හෝටලයේ කාන්තා කාර්යය මණ්ඩලය, යුද්ධ හමුදා නිලධාරිනියන් සහ සෙබලියන් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව වෛද්‍ය විශේෂඥයින් විසින් පියයුරු සහ ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයන් ඇතුළු කාන්තාවන්ට අදාළ සෞඛ්‍යමය ගැටළු පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකෙරිණි.
ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය ගයානි තිසේරා (එම්බීබීඑස්, එම්ඩී ප්‍රසව හා නාරිවේදය) විසින් ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ අගනා දේශනයක් ද මෙහිදී පැවැත්වීය. මීට අමතරව, වික්‍රමාරච්චි ආයුර්වේද මණ්ඩපයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන මිනෝන් හෙට්ටිආරච්චි මෙනවියගේ මූලිකත්වයෙන් ආයුර්වේද ක්‍රම මඟින් පියයුරු පිළිකාව සුවකර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදුකෙරිණි.
අධ්‍යාපනික දේශනයන්ට අමතරව, මෙම වැඩසටහනේදී Club Hotel Dolphin හෝටලයේ ප්‍රවීණ සූපවේදීන් සහ කාර්ය මණ්ඩලය විසින් අලංකාරවත් කේක් නිර්මාණකරණයන් නිර්මාණශීලි ලෙස සිදුකරන ආකාරය ද මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.