Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2024 18:50:24 Hours

ප්‍රධාන සංඥා නිලධාරී, 4 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක

ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 මාර්තු මස 04 දින 4 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක නිරත විය.

4 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.එච්.එම්.ජේ. විජේරත්න යූඑස්පී, එම ඒකකයේ ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන සංඥා නිලධාරිතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව එම ඒකකයේ භටපිරිස් ආමන්ත්‍රණය කිරීම සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.