2024-03-12 13:13:17
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මාර්තු මස 05 දින 561 පාබල බලසේනාව, 10 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-03-11 18:50:08
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 08 ) දින කිලිනොච්චිය රෝහලේදී ගැබිණි මව්වරුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් 30 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-03-11 18:45:33
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් විශේෂ කාන්තා දින වැඩසටහනක් පසුගිය සිකුරාදා (මාර්තු මස 08) දින 51 පාබල සේනාංකයේදී සංවිධානය කරන ලදී.
2024-03-11 18:41:02
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනා පරිශ්‍රයේදී ප්‍රදේශයේ ජනතාවගේ සහ භටපිරිස්හි ප්‍රයෝජනය සඳහා ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් පසුගිය බදාදා (මාර්තු මස 06) දින විවෘත කරන ලදී.
2024-03-11 18:36:09
නේපාල සන්නද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘SHANTI PRAYAS – IV’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය, එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානය (USINDOPACOM) යටතේ ඇති ගෝලීය සාම සාධන මෙහෙයුම් මුලපිරීම (GPOI) හි සම අනුග්‍රාහකත්වය යටතේ පෙබරවාරි මස 20 දින සිට මාර්තු මස 04 දින දක්වා නේපාලයේ බිරේන්ද්‍ර සාම සාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-03-11 18:30:01
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 මාර්තු මස 10 දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්හී සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව පරිපාලන කටයුතු පිළිබඳව ද සොයාබැලීය.
2024-03-11 17:47:58
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 08) දින එම මූලස්ථානය වෙත පිවිසෙන මාර්ගය දෙපස සියඹලා පැල සිටුවීමේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-03-11 15:33:36
52 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පේදුරුතුඩුව, ශිවන් කෝවිලේ පැවති මහා ශිවරාත්‍රී පූජාවට සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් 2024 මාර්තු මස 08 සහ 09 දෙදින තුළ ආහාරපාන ලබාදෙන ලදී.
2024-03-11 15:27:50
ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් මූලික පාඨමාලා (නිලධාරී) අංක - 34, සාර්ථකව අවසන් කල නිලධාරීන් සඳහා සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 07) දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි විය.
2024-03-11 15:23:13
සෙල්ලකතරගම ගණදෙවි කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ 3 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 08 දිනට යෙදී තිබූ මහා ශිවරාත්‍රී දිනයේදී ආගමික වතාවත් සඳහා සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් ආහාර පිසීම සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී.