12th March 2024 13:13:17 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මාර්තු මස 05 දින 561 පාබල බලසේනාව, 10 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන්, 561 පාබල බලසේනාධිපතිතුමන් සහ අණදෙන නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එම ඒකක අණදෙන නිලධාරීන් විසින් සිය බලප්‍රදේශයේ කාර්යභාරයන්, වගකීම් සහ වත්මන් මෙහෙයුම් කටයුතු පිළිබඳව සේනාංකාධිපතිතුමන් දැනුවත් කළහ. අනතුරුව, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය.
මෙම සංචාරය සඳහා 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 56 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.