Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2024 18:36:09 Hours

නේපාලයේ පැවති ‘SHANTI PRAYAS – IV’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාස සඳහා මෙරට යුද්ධ හමුදා භටපිරිස් සහභාගී වෙයි

නේපාල සන්නද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘SHANTI PRAYAS – IV’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය, එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානය (USINDOPACOM) යටතේ ඇති ගෝලීය සාම සාධන මෙහෙයුම් මුලපිරීම (GPOI) හි සම අනුග්‍රාහකත්වය යටතේ පෙබරවාරි මස 20 දින සිට මාර්තු මස 04 දින දක්වා නේපාලයේ බිරේන්ද්‍ර සාම සාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම පුහුණු අභ්‍යාසය සඳහා රටවල් 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 12 ක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් ‍02 දෙදෙනෙකු සහ සෙසු නිලයින් 19 දෙනෙකු සහභාගී වූහ.

මෙරට යුද්ධ හමුදා කණ්ඩායම මෙම අභ්‍යාසයට සහභාගි වීමට ප්‍රථම ලුතිනන් කර්නල් එම්.ඒ.ඒ.පී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සහ මේජර් කේ.එන්.එස් මෙන්ඩිස් ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවති පෙරහුරු පාඨමාලාව සඳහා සහභාගී වූහ.

‘SHANTI PRAYAS – IV’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අරමුණු වූයේ සාම සාධක මෙහෙයුම් සඳහා වූ පුහුණුව සහ දැනුම වර්ධනය කිරීම, සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් සාම සාධක මෙහෙයුම් වලදී අනෙකුත් රටවල භටපිරිස් සමඟින් සහයෝගයෙන් කටයුතු කිරීම සහ ඔවුන්ගේ හමුදා උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටීන් හුවමාරු කර ගැනීමයි.