Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2024 17:47:58 Hours

ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 08) දින එම මූලස්ථානය වෙත පිවිසෙන මාර්ගය දෙපස සියඹලා පැල සිටුවීමේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එදින සිය ධූරයෙන් විශ්‍රාම දිවියට එළඹෙන යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ.සිවබාලසුන්ද්‍රන් මහතා එම කාර්යාලයේ නිලධාරින් සමගින් සහභාගී වූහ. අනතුරුව, ඒ. සිවබාලසුන්ද්‍රන් මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සංකේතාත්මකව සියඹලා පැල රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

උත්සව අවස්ථාව අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය අනාගත පරපුර වෙනුවෙන් කද්දුවාන් ප්‍රදේශය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කරනු ලැබීය. එහිදී, ඒ.සිවබාලසුන්ද්‍රන් මහතා වෙත විශේෂ ඇගයීම් ලිපියක් ද ප්‍රධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.