Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2024 15:23:13 Hours

12 පාබල සේනාංක භටපිරිස් සෙල්ලකතරගම ගණදෙවි කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට සහය දක්වයි

සෙල්ලකතරගම ගණදෙවි කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව 12 ප‍ාබල සේනාංකය යටතේ ස්ථාපිත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ 3 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 08 දිනට යෙදී තිබූ මහා ශිවරාත්‍රී දිනයේදී ආගමික වතාවත් සඳහා සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් ආහාර පිසීම සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී.

20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්, මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා උපරිම සහයෝගය ලබාදුන් අතර, එම අවස්ථාවට බැතිමතුන් 5000 කට අධික පිරිසක් සහභාගී වූහ.