Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2024 15:33:36 Hours

52 පාබල සේනාංකයේ භටපිරිස් පේදුරුතුඩුව, ශිවන් කෝවිලේ ප්‍රජා සත්කාරක වැඩසටහනක

52 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පේදුරුතුඩුව, ශිවන් කෝවිලේ පැවති මහා ශිවරාත්‍රී පූජාවට සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් 2024 මාර්තු මස 08 සහ 09 දෙදින තුළ ආහාරපාන ලබාදෙන ලදී.

එම පූජාව සඳහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිපී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය සම්බන්ධීකරණය කළ අතර, පූජෝත්සවය සංවිධානය කිරීම සඳහා 521 පාබල බලසේනාව, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

පූජාව සාර්ථකව පැවැත්වීම සඳහා භටපිරිස් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශිවන් කෝවිලේ කමිටු සාමාජිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සිය කෘතවේදීත්වය පළකළහ.