Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2024 18:50:08 Hours

55 පාබල සේනාංකය, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වැඩසටහනක් සංවිධානය කරයි

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 08 ) දින කිලිනොච්චිය රෝහලේදී ගැබිණි මව්වරුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් 30 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

551, 552 සහ 553 පාබල බලසේනාවන් විසින්ද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අක්කරායන්කුලම්, පූනකරි, වේරවිල් සහ ධර්මපුරම් ප්‍රදේශ ඇතුළු ප්‍රාදේශිය රෝහල්හි නේවාසිකව සිටින ගැබිණි මව්වරුන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී.ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන සඳහා එම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.