Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2024 18:30:01 Hours

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ සංචාරයක

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 මාර්තු මස 10 දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්හී සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව පරිපාලන කටයුතු පිළිබඳව ද සොයාබැලීය.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව එතුමන් ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ පරිපාලන කටයුතු සබැඳිව පැවති සම්මන්ත්‍රණයකට ද සහභාගී විය. පසුව, එතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.