2024-04-29 20:47:27
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල්, ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්.බී.බී.එන්. හේරත් විසින් අප්‍රේල් මස 23 දින ‘දකුණු ආසියාවේ කම්කරු සංක්‍රමණිකයන්’ යන මැයෙන් බංගලාදේශයේ පැවති කලාපීය සම්මන්ත්‍රණයක දේශනයක් පවත්වන ලදී.
2024-04-29 20:42:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ කෞතුකාගාරය 2024 අප්‍රේල් මස 24 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ සුරතින් විවෘත කෙරිණි.
2024-04-29 20:36:50
11 ගැමුණු හේවා බලකාය වෙතින් 56 පාබල සේනාංකයේ සම්බන්ධීකරණය යටතේ පුනරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානය සමඟ එක්ව අප්‍රේල් මස 24 දින නන්දිමිත්‍රගම ප්‍රදේශයේ අක්ෂි ආබාධ සහිත පුද්ගලයින් 166 දෙනෙකු සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2024-04-29 20:29:53
දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පුහුණු ක්‍රමවේදයන් සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අප්‍රේල් මස 26 දින එම පුහුණු පාසලේ සංචාරයක නිරතවිය.
2024-04-29 20:22:50
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් 2024 අප්‍රේල් මස 25 දින සේනාංක මූලස්ථානයේදී සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-04-29 13:16:07
ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. කේ නානායක්කාර (විශ්‍රාමික) පසුගිය ඉරිදා (අප්‍රේල් මස 28) දින ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 86 වන වියේ පසුවිය.
2024-04-28 12:31:09
‘Ride with Pride’ පාපැදි සවාරියේ දෙවන අදියර මෙවරත් යුද්ධ හමුදාවේ මේජර් ජෙනරල් එස්.ආර් බාලසූරිය (විශ්‍රාමික) යූඑස්පී, මේජර් ජෙනරල් කේ.පී.එස් ප්‍රේමලාල් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ කර්නල් ඩබ්ලිව්.එන්.පී.එස්.කේ පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉරිදා (අප්‍රේල් මස 28) දින උදෑසන ආරම්භ කරනු ලැබීය.
2024-04-27 11:33:39
නව ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අප්‍රේල් මස 25 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී හමුදා සම්ප්රදායානූලව ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-04-27 11:32:46
බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී 2024 අප්‍රේල් 24 වන දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-04-26 16:57:53
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 අප්‍රේල් 25 වන දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.