Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2024 12:31:09 Hours

‘Ride with Pride’ පාපැදි සවාරියේ දෙවන අදියර ඇරඹේ

‘Ride with Pride’ පාපැදි සවාරියේ දෙවන අදියර මෙවරත් යුද්ධ හමුදාවේ මේජර් ජෙනරල් එස්.ආර් බාලසූරිය (විශ්‍රාමික) යූඑස්පී, මේජර් ජෙනරල් කේ.පී.එස් ප්‍රේමලාල් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ කර්නල් ඩබ්ලිව්.එන්.පී.එස්.කේ පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉරිදා (අප්‍රේල් මස 28) දින උදෑසන ආරම්භ කරනු ලැබීය.

ගාලු මුවදොරින් ආරම්භ වූ මෙම පාපැදි සවාරිය කල්පිටිය, පුනරීන්, කන්කසන්තුරේ, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, කතරගම, තංගල්ල සහ අලුත්ගම හරහා ගමන් කර මැයි මස 12 දින ගාලු මුවදොරින් අවසන් කරයි.

මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දශක ගණනාවක් කැපවීමෙන් සේවය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු මෙම පාපැදි සවාරිය සඳහා සහභාගී වන අතර, මෙමගින් ඔවුන්ගේ ශක්තිය, අධිෂ්ඨානය සංකේතවත් කරමින් යුද්ධ හමුදාවේ අභිමානය විදහා දක්වයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙක් එක්ව මෙවැනි දීර්ඝ පාපැදි සවාරියක නිරත වන දෙවන අවස්ථාව මෙය වේ.