27th April 2024 11:32:46 Hours
බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී 2024 අප්‍රේල් 24 වන දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගත්තේය.
61 පාබල සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
අනතුරුව, එතුමන් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 61 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.