29th April 2024 20:42:50 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ කෞතුකාගාරය 2024 අප්‍රේල් මස 24 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ සුරතින් විවෘත කෙරිණි.
මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් මෙම කෞතුකාගාරය ස්ථාපිත කරනු ලැබිණි. කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 1 සිට 61 ඒ දක්වා පාඨමාලා හැදෑරූ යුද්ධ හමුදා නිලධාරින් සහ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 1 සිට 18 දක්වා පාඨමාලා හැදෑරූ යුද්ධ හමුදා නිලධාරිනියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් මෙම කෞතුකාගාරය ස්ථාපිත කරනු ලැබිණි.
උත්සවයේ සමාරම්භයෙන් පසුව, සහභාගිවූවන් සංචාරයක නිරත වෙමින් එම කෞතුකාගාරය නිරීක්‍ෂණය කළහ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.