Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2024 13:16:07 Hours

ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ නානායක්කාර (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වේ

ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. කේ නානායක්කාර (විශ්‍රාමික) පසුගිය ඉරිදා (අප්‍රේල් මස 28) දින ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 86 වන වියේ පසුවිය.

අවසන් ගෞරව දැක්වීම සඳහා එතුමන්ගේ දේහය කොළඹ, ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සඳුදා (අප්‍රේල් මස 29) දින ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සවස 5.00 ට සිදු කෙරේ.