29th April 2024 20:29:53 Hours
දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පුහුණු ක්‍රමවේදයන් සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අප්‍රේල් මස 26 දින එම පුහුණු පාසලේ සංචාරයක නිරතවිය.
පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, විධායක ජෙනරාල් ගේ සුරතින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් එම පුහුණු පාසල පිළිබඳව සවිස්තරාත්මකව විධායක ජෙනරාල් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් එම පුහුණු පාසලේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කළේය. සංචාරය සමාප්තියේ, එම පුහුණු පාසලේ සේනාවිධායක විසින් විධායක ජෙනරාල් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, එතුමන් එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.