Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2024 20:47:27 Hours

කර්නල් එම්.බී.බී.එන්. හේරත් බංගලාදේශයේ පැවති සම්මන්ත්‍රණයක, දේශනයක් පවත්වයි

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ‍ජෙනරාල්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්.බී.බී.එන්. හේරත් විසින් අප්‍රේල් මස 23 දින ‘දකුණු ආසියාවේ කම්කරු සංක්‍රමණිකයන්’ යන මැයෙන් බංගලාදේශයේ පැවති කලාපීය සම්මන්ත්‍රණයක දේශනයක් පවත්වන ලදී.

බංගලාදේශ ජාත්‍යන්තර සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (BIISS) විසින් Consortium of South Asian Think Tanks (COSATT), Political Dialogue Asia Programme හා Konrad Adenauer Stiftung (KAS) සමඟ එක්ව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදි.

මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි එරට අග්‍රාමාත්‍ය, ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය මැෂුඅර් රහ්මන් (Mashiur Rahman) සිය දේශනය පවත්වමින්, දකුණු ආසියානු ආර්ථිකයට ශ්‍රම සංක්‍රමණිකයන්ගේ දායකත්වය සහ අනෙකුත් රටවල් සමඟින් එක්ව කටයුතු කිරීමට බංගලාදේශයේ ඇති උනන්දුව පිළිබඳව අදහස් දැක්වීය.

සම්මන්ත්‍රණය අමතමින් කර්නල් එම්.බී.බී.එන්. හේරත් දකුණු ආසියාවේ ශ්‍රම සංක්‍රමණයෙන් ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම් පිළිබඳව විස්තර කළේය.

මෙම සම්මන්ත්‍රණය සඳහා විවිධ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සිවිල් සහ හමුදා නිලධාරීන්, පර්යේෂකයන්, විවිධ විශ්වවිද්‍යාල සිසුන් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් ද සහභාගි වූහ.