Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2024 20:22:50 Hours

22 පාබල සේනාංකය වෙතින් සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් 2024 අප්‍රේල් මස 25 දින සේනාංක මූලස්ථානයේදී සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙසෙන සිංහල, මුස්ලිම් සහ දමිළ ජනතාව අතර සුහඳත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇත. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගි විය.

මෙම අවුරුදු සැමරුම් උත්සවය මැරතන් ධාවන තරඟය, ‘අවුරුදු කුමරා සහ කුමරිය’ තේරීම, කඹ ඇදීම, කොට්ට පොර, කෝලම් රටා ඇඳීම, අලියට ඇස තැබීම, බනිස් කෑම, පොල් ගෑම ආදී සාම්ප්‍රදායික තරඟ ඉසව් රැසකින් සමන්විත විය.

එදින සන්ධ්‍යාවේ පැවති සංගීත සංදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසී සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.